Episodes
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup ගණනාවක් ආරම්භ කර ඇති බිමන් මෙම සංවාදයේදී නව නිපැයුම් කරුවන්ට වැදගත් වන  කරුණු රැසක් ගැන කතා කරයි.   Conversation with Old-Nalandiya Biman Liyanage, a world-renowned entrepreneur of new technological...
Published 01/01/21
Published 01/01/21
අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට  ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සහ කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ Postdoctoral Researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරන, පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂක ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු එක්ව සිටී. සාකච්ඡාවේ මෙහෙයවීම...
Published 12/23/20
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නැනෝ තාක්ෂණය හා ද්‍රව්‍ය විද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන හා එහි ජ්‍යෙෂ් කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය ප්‍රසංග මන්තිලක සමග කෙරෙන සංවාදය. මෙහිදී ආචාර්ය මන්තිලක දැනට සිදුකරගෙන යන ලංකාවේ ඛනිජ වලින් සිදුකරන අගය එකතු කල නිෂ්පාදන ගැනත් ඒ ඔස්සේ ආරම්භ කර ඇති කර්මාන්ත පිළිබඳවත් සාකච්ඡා කෙරේ. එමෙන්ම සිසුන් තමන්ගේ පර්යේෂණයක් හෝ අදහසක් වෙළඳපොල නිපැයුමක් දක්වා ගෙනයන්නේ කෙසේද යන්න පිළිබඳවත් වැඩි අවදානයක් යොමු වේ. ආචාර්ය මන්තිලක SLINTEC ආයතනයේ...
Published 12/17/20
මොරටුව ආතර් සී ක්ලාර්ක් ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා සමග කෙරෙන සංවාදය. මෙහිදී දැනට එම ආයතනයේ සිදුවන පර්යේෂණ ගැන, විශේෂයෙන් සුර්ය විදාරණ රේඩියෝ තරංග ඇසුරෙන් නිරීක්ෂණය, තාරකා වල අසමමිතික ප්‍රසාරණ ඇසුරින් එහි අභ්‍යන්තරය විශ්ලේෂණය කිරීම, වෙනත් තරු වටා යන ග්‍රහ පද්ධති සොයාගැනීම, ආදිය මෙන්ම ලංකාවේ පාසල් සිසුන් හා මහජනයා අතර තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් වැදගත් දේවල් ද පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුන්ට එම ආයතනය හා සම්බන්ධ වීමට හැකි ආකාර ගැනද සාකච්ඡා...
Published 12/09/20
අධි වෝල්ටීයතා ඉංජිනේරු තාක්ෂණය හා අධි වෝල්ටීයතා භෞතික විද්‍යාව පිළිබද ලොව ප්‍රවීනතම විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්දිම ගෝමස් සමග සංවාදය. ඔහු දැනට දකුණු අප්‍රිකාවේ විට්ස් සරසවියේ මහාචාර්ය ධුරයක් දරන අතර එහි අධි වෝල්ටීයතා ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරද දරයි. මෙම සංවාදයේදී අපි අවධානය යොමු කරන කරුණු අතර විද්‍යාඥයෙකු ලෙස සාර්ථක වීමට කල යුතු දේ, ලංකාවට ගැලපෙන පර්යේෂණ ආකෘති, මූලික හා ව්‍යවහාරික විද්‍යා පර්යේෂණ වලින් හොඳම මොනවාද, නුදුරු අනාගතයේ විශාල ප්‍රගතියක් අත්කර ගන්නා පර්යේෂණ විෂයයන් වැනි...
Published 12/03/20
පරිණාමික ජෛව විද්‍යාඥයෙක් සහ සත්ව විද්‍යාඥයෙක් ලෙස ඕස්ට්‍රේලියාවේ CSIRO ආයතනයේ පර්යේෂණ කරන ආචාර්ය රුචිර සෝමවීර සමග සංවාදය. ඔහු උරගයින් (විශේෂයෙන් කිඹුලන් සහ මුහුදු සර්පයින්) පිලිබඳ විශේෂඥයෙක් වන අතර ලොව පුරා රටවල් ගණනාවක උරගයින්ගේ හැසිරීම් පිළිබඳව පර්යේෂණ කරමින් සිටියි. විද්‍යා සන්නිවේදකයෙකුද වන ආචාර්ය සෝමවීර ලෝකයේ ප්‍රමුඛම විද්‍යා නාලිකාවක් වන National Geographic නාලිකාවේ Snakes නමින් වැඩසටහනක්ද, Zootopica නමින් සතුන් පිලිබඳ සහ ලංකාවේ ගැමි ජන ජීවිතය සමග බැඳී ඇති මිථ්‍යා කතා වල සිටින සතුන්ගේ...
Published 11/26/20
John Keells ආයතනයේ පර්යේෂණ අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය මුදිත සෙනරත් යාපා සමග කෙරෙන සංවාදය. ඔහු පේරාදෙණිය සරසවියෙන් රසායන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක්ද ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියද ලබාගෙන ඇත. ඔහු 2012 වසරේ දී ජෝන් කීල්ස් ආයතනයේ පර්යේෂණ අංශයේ ආරම්භක පර්යේෂකයෙකු ලෙස සම්බන්ධ වී දැනට ලංකාවේ කර්මාන්ත අංශයේ ආයතන වල විද්‍යාත්මක බුද්ධිමය දේපළ නිර්මාණය කරමින් සහ ඒවා වෙළඳපලට යොමු කල හැකි නිෂ්පාදිත ලෙස ප්‍රවර්ධනය කරමින් ඒ මගින් අදායම් ඉපයීමේ ක්‍රම නිර්මාණය කිරීමෙහි යෙදී සිටියි....
Published 11/18/20
වෛද්‍ය භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන සහ විකිරණ භෞතික විද්‍යාව හා මාත්‍රාමිතිය ඇසුරෙන් පිළිකා රෝගීන් හට ප්‍රතිකාර නිර්දේශ කිරීමෙහි යෙදී සිටින ආචාර්ය මධුක කළුආරච්චි සමග සංවාදය. ඔහු වර්ජිනියා සරසවියෙන් භෞතික විද්‍යාව පිලිබඳ PhD උපාධිය ලබාගෙන Harvard University හා St. Jude Children's Research Hospital යන ආයතන වල පුහුණුව ලැබ දැනට Rhode Island රෝහලේ medical physics resident කෙනෙක් ලෙස සේවය කරයි.   Today we talk with a medical physics resident Dr. Maduka Kaluarachchi at Brown University, Rhode...
Published 11/06/20
නැනෝ තාක්ෂණය, උසස් තාක්ෂණය (advance technology), හා ස්වභාවික සම්පත් වලට අගය එකතු කිරීම පිලිබඳ පර්යේෂණ කරන සහ ඒ අංශ වල කාර්මික නව නිපැයුම් වෙළඳපොළට හඳුන්වා දීමට කැපවී සිටින ලංකාවේ ප්‍රමුඛ පෙළේ රසායණ විද්‍යාඥයෙකු වන මහාචාර්ය නිල්වලා කොට්ටෙගොඩ සමග සංවාදය. ඇය දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශ ප්‍රධානි තනතුර දරන අතර විද්‍යාව සම්බන්ධ ජනාධිපති උපදේශක ලෙසද ජාතික මුලික විද්‍යා අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකාවක්ද ලෙසද කටයුතු කරමින් සිටියි.   Today we talk with a prominent...
Published 10/29/20
කාමර උෂ්ණත්වයේ සුපිරිසන්නායකයක් සොයාගෙන නේචර් ජර්නලයේ කවරයේ පුවත ලෙස එය පළකළ ආචාර්ය රංග ඩයස් සමග කෙරෙන සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ රොචෙස්ටර් සරසවියේ මහාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරන අතර ලෝහමය හයිඩ්රිජන් සහ සුපිරි සන්නායක පිලිබඳ පර්යේෂණ වල නිරත වී සිටියි.   Here we interview Dr. Ranga Dias, an assistant professor at the University of Rochester, who discovered the first-ever room-temperature superconductor - Carbonaceous Sulfer Hydrite. His discovery featured on the cover of the world-renowned...
Published 10/21/20
එක්සත් රාජධානියේ Birmingham City විශ්වවිද්‍යාලයේ Smart Passive Textile පිළිබඳව පර්යේෂණ කරන ආචාර්ය දිලුෂ රාජපක්ෂ සමග සංවාදය. In this episode, we talk to Dr. Dilusha Rajapaksha, a lecturer and a researcher from Birmingham City University, who does research on smart passive textiles. This is a fascinating research field that investigates textile and fabrics that changes the appearance depending on external stimuli such as temperature, light, humidity, etc. --- Send in a voice message:...
Published 10/15/20
ලංකාවේ වෛද්‍යවරියක් ලෙස සේවය ආරම්භ කර පසුව පෝෂණ විද්‍යාව සම්බන්ධව ජාත්‍යන්තර තලයේ පර්යේෂිකාවක් බවට පත්වූ  ආචාර්ය නදීජා විජයතුංග සමග කෙරෙන සංවාදය. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා පසුව ජ'පුර සරසවියෙන් MPhil උපාධියක්ද ඇමෙරිකාවේ Texas Tech විශ්වවිද්‍යාලයෙන් PhD උපාධියද ලබාගෙන ඇත. ඇය දැනට ඇමෙරිකාවේ Mississippi විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරියක් ලෙස සේවය කරයි. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 09/24/20
රසායණික අණු වලින් නිර්මිත තාර්කික ද්වාර (molecular logic gates) වල මූලික සිද්ධාන්ත, වෛද්‍ය හා අනුක ජීව විද්‍යාවේදී වැදගත් වන OPTI රුධිර ඉලෙක්ට්‍රෝලයිට හා වායු විශ්ලේෂකය හා ප්‍රතිදීප්ත PET සෙන්සරය ලොවට හඳුන්වා දීමේදී පුරොගාමී වූ මහාචාර්ය ඒ පී ද සිල්වා සමග කරන සංවාදය. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 09/10/20
ස්වභාවික වායු ගබඩා කිරීමේ තාක්ෂණය පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය දිනුක ගල්ලබ සමග සංවාදය. මේ ක්ෂේත්‍රය භෞතික විද්‍යාව, රසායණික ඉංජිනේරු විද්‍යාව, හා ද්‍රව්‍ය විද්‍යාව (material science) යන විෂය පථ වල සංකලනයකි. ආචාර්ය දිනුක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන අමෙරිකාවේ Southern Illinois විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පුර්ණ කර ඇත. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 08/27/20
පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු සමග සංවාදය. ඇය කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ postdoctoral researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරයි. තවද ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඖෂධවේදී (pharmacy) විශේෂ උපාධියක් ලබාගෙන කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයෙන් MSc සහ PhD උපාධි සම්පුර්ණ කර ඇත. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 08/21/20
ලෝකයේ මයික්‍රෝ චිප නිපදවන ප්‍රධානතම ආයතනය වන ඉන්ටෙල් ආයතනයේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය පුබුදු ගුණතිලක සමග සංවාදය. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 08/13/20
ශ්‍රී ලංකාවෙන් බිහිවූ වැඩිම උපාධි සංඛ්‍යාවක් (PhD 2ක්, MSc 3ක්, MBA 1ක්, සහ BSc 1ක්) හිමිකරගෙන ඇති විද්වතා වන ආචාර්ය සඳුන් පෙරේරා සමග සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ නෙවාඩා විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විද්‍යා මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන අතර ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ විද්‍යාව පිලිබඳවද ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවියෙන් මූල්‍යමය ගණිතය (Financial Math) පිළිබඳවද ආචාර්ය උපාධි ලබාගෙන ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිලිබඳ විශේෂ උපාධිලාභියෙක් වන අතර කොළඹ නාලන්දා විදුහලේ ආදී...
Published 07/30/20
ඇමරිකාවේ තෝමස් ජෙෆර්සන් ජාතික විද්‍යාගාරයේ (Jefferson National Lab) අංශු ත්වරක භෞතික විද්‍යාඥයෙකු (accelerator physicist) ලෙස සේවය කරන ආචාර්ය සුභාශිනී ද සිල්වා සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන  දොළොස්වන  වැඩසටහනයි. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 07/26/20
ඇමරිකාවේ නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී සිටිමින් ගැමා කිරණ පිපිරුම් පිලිබඳ පර්යේෂණ කරන එමෙන්ම දත්ත විශ්ලේෂණ විද්‍යාඥයෙකු ලෙස තමන්ගේම සමාගම් තුනක් පිහිටුවා ඇති ආචාර්ය තිලාන් උක්වත්ත සමග කෙරෙන සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන එකොළොස්වන වැඩසටහනයි. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 07/09/20
ඇමරිකාවේ කැලිෆෝනියාහි  Biotechnology  සහ Pharmaceutical උපදේශන ආයතනයක් වන Pixel Place Consulting ආයතනයේ සභාපති, ජෛවරසායන විද්‍යාඥ ආචාර්ය සුමේධ ජයසේන සමග සංවාදය. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 07/02/20
ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන දහවන podcast වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 06/25/20
ඇමරිකාවේ Utah විශ්වවිද්‍යාලයේ අධිශක්ති තාරකා භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ මහාචාර්ය, එමෙන්ම අමෙරිකාව් රණවිරු කටයුතු දෙපාර්තමේන්තුවේ (US Department of Vearan Affairs) ජ්‍යෙෂ්ට දත්ත විශ්ලේෂණ විද්‍යාඥ ආචාර්ය උදාර අබේසේකර සමග සංවාදය. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 06/18/20
ඇමරිකා එක්සත් ජනපදයේ Texas Tech University හි පර්යේෂණ කරන තාරකාභෞතික විද්‍යාඥවරියක් වන ආචාර්ය නිපුනි පල්ලියගුරු සමග සංවාදය.මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හත්වන වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 06/10/20
නවසීලන්තයේ වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ භූ භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් හදාරන පේරාදෙණිය සරසවියේ භූ විද්‍යාව පිළිබඳ උපාධිධාරී පසන් හේරත් සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හයවන වැඩසටහනයි.  © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 06/03/20