Astro Talks S01E14: “How I end up with 2 PhD and 4MSc degrees in math”: A discussion with the Sri Lankan with the most number of postgraduate degrees.
Listen now
Description
ශ්‍රී ලංකාවෙන් බිහිවූ වැඩිම උපාධි සංඛ්‍යාවක් (PhD 2ක්, MSc 3ක්, MBA 1ක්, සහ BSc 1ක්) හිමිකරගෙන ඇති විද්වතා වන ආචාර්ය සඳුන් පෙරේරා සමග සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ නෙවාඩා විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විද්‍යා මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන අතර ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ විද්‍යාව පිලිබඳවද ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවියෙන් මූල්‍යමය ගණිතය (Financial Math) පිළිබඳවද ආචාර්ය උපාධි ලබාගෙන ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිලිබඳ විශේෂ උපාධිලාභියෙක් වන අතර කොළඹ නාලන්දා විදුහලේ ආදී ශිෂ්‍යයෙක්ද වේ --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
More Episodes
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup...
Published 01/01/21
Published 01/01/21
අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට  ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක්...
Published 12/23/20