30 episodes

This is a brand new podcast by NC Astronomy. Here we talk about astronomy and STEM.

Astro Talks NC Astronomy

    • Science
    • 5.0 • 3 Ratings

This is a brand new podcast by NC Astronomy. Here we talk about astronomy and STEM.

    Astro Talks S01-BonusEpisode: Tech entrepreneurship as a Sri Lankan: Discussion with Biman Liyange about his career as an entrepreneur

    Astro Talks S01-BonusEpisode: Tech entrepreneurship as a Sri Lankan: Discussion with Biman Liyange about his career as an entrepreneur

    නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup ගණනාවක් ආරම්භ කර ඇති බිමන් මෙම සංවාදයේදී නව නිපැයුම් කරුවන්ට වැදගත් වන  කරුණු රැසක් ගැන කතා කරයි.  

    Conversation with Old-Nalandiya Biman Liyanage, a world-renowned entrepreneur of new technological inventions. After further education at Beihang University in China and focusing on the field of innovation, Biman, who has started a number of startups to introduce a wide range of wearable tech innovations to the world, talks about a number of issues that are important to inventors.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message

    • 42 min
    Astro Talks S01E29: Panel Discussion - Here we answer your questions on how to become a scientist

    Astro Talks S01E29: Panel Discussion - Here we answer your questions on how to become a scientist

    අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට  ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සහ කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ Postdoctoral Researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරන, පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂක ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු එක්ව සිටී. සාකච්ඡාවේ මෙහෙයවීම ඇමරිකාවේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක අශාන් ආරියවංශ විසින් කෙරෙනු ලැබේ.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message

    • 1 hr 35 min
    Astro Talks S01E28: Science entrepreneurship in Sri Lanka: Exciting ways of developing commercial products from science research

    Astro Talks S01E28: Science entrepreneurship in Sri Lanka: Exciting ways of developing commercial products from science research

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නැනෝ තාක්ෂණය හා ද්‍රව්‍ය විද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන හා එහි ජ්‍යෙෂ් කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය ප්‍රසංග මන්තිලක සමග කෙරෙන සංවාදය. මෙහිදී ආචාර්ය මන්තිලක දැනට සිදුකරගෙන යන ලංකාවේ ඛනිජ වලින් සිදුකරන අගය එකතු කල නිෂ්පාදන ගැනත් ඒ ඔස්සේ ආරම්භ කර ඇති කර්මාන්ත පිළිබඳවත් සාකච්ඡා කෙරේ. එමෙන්ම සිසුන් තමන්ගේ පර්යේෂණයක් හෝ අදහසක් වෙළඳපොල නිපැයුමක් දක්වා ගෙනයන්නේ කෙසේද යන්න පිළිබඳවත් වැඩි අවදානයක් යොමු වේ. ආචාර්ය මන්තිලක SLINTEC ආයතනයේ advanced materials research අංශයේ ප්‍රධාන පර්යේෂකයෙකු ලෙසද සේවය කර ඇති අතර dolomite, calcite, apatite, ilmenite, monazite, iron-bearing minerals, zircon, හා graphite යන ඛනිජ ආශ්‍රිතව පර්යේෂණ සිදුකර ඇත. මෙතෙක් ඔහු විවිධ යෙදුම් සඳහා නැනෝ ද්‍රව්‍ය සංස්ලේෂණය කිරීමට නව සරල හා ලාභදායි ක්‍රමවේදයන් වැඩි දියුණු කර ඇත. ඔහු නැනෝ-ජලභීතික හා තෙල් විකර්ෂක පෘෂ්ඨ නිර්මාණය සඳහා ද කටයුතු කරයි.  

    Today we talk with Dr. Prasanga Mantilaka, a senior Lecturer and postgraduate supervisor at the Postgraduate Institute of Science (PGIS), University of Peradeniya, Sri Lanka. He was a Senior Research Scientist and leader of the advanced materials research area of Sri Lanka Institute of Nanotechnology (SLINTEC) before. His major research area is the synthesis of nanomaterials for industrial, environmental, and medical applications using cheap raw materials including naturally occurring minerals such as dolomite, calcite, apatite, ilmenite, monazite, iron-bearing minerals, zircon, and graphite. So far, he has developed many novel simple, and economical techniques to synthesize nanomaterials for various applications. He is also working on the fabrication of nano-architectured super-hydrophobic and oil-repellent surfaces.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message

    • 47 min
    Astro Talks S01E27: Astronomy research in Sri Lanka: a discussion with a research scientist at Arthur C Clarke Institute

    Astro Talks S01E27: Astronomy research in Sri Lanka: a discussion with a research scientist at Arthur C Clarke Institute

    මොරටුව ආතර් සී ක්ලාර්ක් ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා සමග කෙරෙන සංවාදය. මෙහිදී දැනට එම ආයතනයේ සිදුවන පර්යේෂණ ගැන, විශේෂයෙන් සුර්ය විදාරණ රේඩියෝ තරංග ඇසුරෙන් නිරීක්ෂණය, තාරකා වල අසමමිතික ප්‍රසාරණ ඇසුරින් එහි අභ්‍යන්තරය විශ්ලේෂණය කිරීම, වෙනත් තරු වටා යන ග්‍රහ පද්ධති සොයාගැනීම, ආදිය මෙන්ම ලංකාවේ පාසල් සිසුන් හා මහජනයා අතර තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් වැදගත් දේවල් ද පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුන්ට එම ආයතනය හා සම්බන්ධ වීමට හැකි ආකාර ගැනද සාකච්ඡා කෙරේ.   

    Today we talk with Mr. Janaka Adassuriya, a research scientist at the Arthur C. Clarke Institute for Modern Technologies in Moratuwa, Sri Lanka. We discuss current research that is undertaken at the institute such as stellar seismology, exoplanets, solar radio burst observations, etc., and how the institute plays a role in the popularization of astronomy among school students and the public. Also, we focus on how the school and university students can collaborate with ACCIMT to carry out astronomy related projects.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message

    • 29 min
    Astro Talks S01E26: What is key to become a better scientist: a discussion with world-renowned physicist Prof. Chandima Gomes.

    Astro Talks S01E26: What is key to become a better scientist: a discussion with world-renowned physicist Prof. Chandima Gomes.

    අධි වෝල්ටීයතා ඉංජිනේරු තාක්ෂණය හා අධි වෝල්ටීයතා භෞතික විද්‍යාව පිළිබද ලොව ප්‍රවීනතම විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්දිම ගෝමස් සමග සංවාදය. ඔහු දැනට දකුණු අප්‍රිකාවේ විට්ස් සරසවියේ මහාචාර්ය ධුරයක් දරන අතර එහි අධි වෝල්ටීයතා ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරද දරයි. මෙම සංවාදයේදී අපි අවධානය යොමු කරන කරුණු අතර විද්‍යාඥයෙකු ලෙස සාර්ථක වීමට කල යුතු දේ, ලංකාවට ගැලපෙන පර්යේෂණ ආකෘති, මූලික හා ව්‍යවහාරික විද්‍යා පර්යේෂණ වලින් හොඳම මොනවාද, නුදුරු අනාගතයේ විශාල ප්‍රගතියක් අත්කර ගන්නා පර්යේෂණ විෂයයන් වැනි වැදගත් කරුණු රැසක් ඇත.

    Today we talk with the prominent Sri Lankan scientist Prof. Chandima Gomes, who is the director at the Center for Excellence in High Voltage Engineering at the Wits University, Johannesburg, South Africa. He sheds light on many aspects of scientific research in Sri Lanka.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message

    • 1 hr 4 min
    Astro Talks S01E25: The amazing world of Zoology: How to excel in academia, research, publications, science communication, and entrepreneurship.

    Astro Talks S01E25: The amazing world of Zoology: How to excel in academia, research, publications, science communication, and entrepreneurship.

    පරිණාමික ජෛව විද්‍යාඥයෙක් සහ සත්ව විද්‍යාඥයෙක් ලෙස ඕස්ට්‍රේලියාවේ CSIRO ආයතනයේ පර්යේෂණ කරන ආචාර්ය රුචිර සෝමවීර සමග සංවාදය. ඔහු උරගයින් (විශේෂයෙන් කිඹුලන් සහ මුහුදු සර්පයින්) පිලිබඳ විශේෂඥයෙක් වන අතර ලොව පුරා රටවල් ගණනාවක උරගයින්ගේ හැසිරීම් පිළිබඳව පර්යේෂණ කරමින් සිටියි. විද්‍යා සන්නිවේදකයෙකුද වන ආචාර්ය සෝමවීර ලෝකයේ ප්‍රමුඛම විද්‍යා නාලිකාවක් වන National Geographic නාලිකාවේ Snakes නමින් වැඩසටහනක්ද, Zootopica නමින් සතුන් පිලිබඳ සහ ලංකාවේ ගැමි ජන ජීවිතය සමග බැඳී ඇති මිථ්‍යා කතා වල සිටින සතුන්ගේ ඇත්ත නැත්ත පිලිබඳ කතා බහ කෙරෙන YouTube නාලිකාවක්ද ඉදිරිපත් කරයි. තවද ඔහුගේ ක්ෂේත්‍ර චාරිකා වලට සම්බන්ධ වී සාමාන්‍ය පුද්ගලයින්ට විවිධ රට වලට සංචාරය කිරීමේ අවස්ථාව ලබාගත හැකි සංචාරක ආයතනයක්ද ඔහු අරඹා ඇත.   

    Today we talk with Dr. Ruchira Somaweera who is an evolutionary biologist at CSIRO in Australia. He is a herpetologist specialized in crocodiles and sea snakes. He is the host of the  @National Geographic series "Snakes" and contributes to many TV programs. His youtube channel @Zootopica discusses reptiles and also sheds light on myths and misconceptions about animals in Sri Lankan society. He also manages a nature expedition company "Aaranya" that enables people to join his field works carried out in many countries.


    ---

    Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message

    • 41 min

Customer Reviews

5.0 out of 5
3 Ratings

3 Ratings

Top Podcasts In Science

Hidden Brain
Hidden Brain, Shankar Vedantam
Something You Should Know
Mike Carruthers | OmniCast Media | Cumulus Podcast Network
Sean Carroll's Mindscape: Science, Society, Philosophy, Culture, Arts, and Ideas
Sean Carroll | Wondery
Crash Course Pods: The Universe
Crash Course Pods, Complexly
Radiolab
WNYC Studios
Ologies with Alie Ward
Alie Ward