84 episodes

Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia

CYBER Wiparama Champike Yatagama

    • Technology

Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia

    එන්නෙ එකක් කියන් - යන්නෙ වෙන දෙයක් කරන්! - Malicious Apps!

    එන්නෙ එකක් කියන් - යන්නෙ වෙන දෙයක් කරන්! - Malicious Apps!

    අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
     

    මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට.SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-protect-your-personal-data-with-insecure-mobile-applications/zgemdcnts

    • 14 min
    SBS Sinhala Interview: හැක් වුනා නම් මේ ටික අනිවා කරන්න.

    SBS Sinhala Interview: හැක් වුනා නම් මේ ටික අනිවා කරන්න.

    SBS Link:https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r

    • 22 min
    Episode 78: විනාසයි!!! OPTUS නිසා මාත් HACKED. දැන් මොකද කරන්නෙ?

    Episode 78: විනාසයි!!! OPTUS නිසා මාත් HACKED. දැන් මොකද කරන්නෙ?

    Broadcast on 3ZZZ Community Radio on 9th October 2022.
    Duration: 7 minutes
    Transcript available at my blog: https://cyberwiparama.blogspot.com/
     

    • 6 min
    SBS Sinhala Radio interview: අම්මා මතක් කරන scams

    SBS Sinhala Radio interview: අම්මා මතක් කරන scams

    'Hi Mum': Scammers targeting parents by pretending to be children who need help.Broadcast on SBS Radio on 8th September 2022Medium: SinhalaArticle: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-not-to-get-caught-in-the-hi-mum-scam-in-australia-these-days/8acit8abu?fbclid=IwAR0uLP11MGNHo-7OWP-8YLlJEBkYHVOYTXw47sWH0eIONRpPHgR8MF9FajE
     
     

    • 10 min
    Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්?

    Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්?

    මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ.ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිරී ගියේ ලංකාවේ දේශපාලනික තත්ත්වය ගැන පල වෙන පෝස්ටු සහ කමෙන්ට්වලින්.ඔය අතරෙ නිතර ඇහුන සහ දැක්ක සංකල්පයක් තමා හෑශ්ටැග් කියන්නෙ. එය ලාංකික බොහෝ දෙනාට අලුත් අත්දැකීමක් වුන නිසාද කොහෙද, එහි ක්‍රියාකාරිත්වය ගැන වැටහීමකින් තොරව, උන්මාදයකින් මෙන් ඒවා භාවිතා කරනවා අපි දුටුවා; තාමත් දකිනවා. ඒ නිසා අද සයිබර් සටහනෙන් අපි කතා කරමු හෑශ්ටැග් හරි විදියට භාවිතා කරන හැටි කෙටියෙන්.මොකක්ද මේ හෑශ්ටැග් කියන්නෙ?කීබෝඩ් එකේ හෑශ් එහෙම නැත්නම් පවුන්ඩ් කියන සංකේතය ලියලා ඒකත් එක්ක වචනයක් හෝ එක දිගට ලියන වාක්ය කොටස, clickable ටැග් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නෙ ඒ වචනය හෝ වාක්ය කොටස click කලොත් එම හෑශ්ටැග් එකම තියෙන, ඒ සමාජජාලය තුල තියෙන ඕනෙම පෝස්ටුවක් එක්ක එය ගොනු ගත වෙනවා. ඒ කියන්නෙ ඔබ හෑශ්ටැග් එකක් එක්ක යමක් පල කලහොත් ඔබේ සටහන වැඩි පිරිසකට සොයා ගැනීම පහසු වෙනවා. උදාහරණයක් විදියට, ලංකාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන විදේශිකයෙක්, #VisitSriLanka හෝ #SriLankaTravel වගේ ටැග් එකක් සර්ච් කලොත්, ලංකාවේ සංචාරකයන්ට අදාල රූප, පුවත්, වීඩියෝ ආදිය ඔක්කොම එක තැනකට ඇවිත් පෙන්වනවා.සරල උපමාවකින් කිව්වොත් හෑශ්ටැග් එකක් කියන්නෙ ඩිජිටල් නූලකින් සයිබර් අවකාශෙ ඒ ටැග් එක තියෙන සියලුම පෝස්ට්, රූප ආදිය එකට ගැට ගහනවා වගේ වැඩක්. මෙයට කියන්නෙ content categorization කියලා. එහෙම එක හෑශ්ටැග් එකකට අදාල සියලු

    • 5 min
    Episode 76: හැම මගුලම ෆේස්බුක් දැම්මහම වෙන දේ දන්නවද?

    Episode 76: හැම මගුලම ෆේස්බුක් දැම්මහම වෙන දේ දන්නවද?

    Published on 3ZZZ Radio on 26th Dec 2021Duration: 5 minsමම අද ෆේස්බුක් වල දැකපු පෝස්ට් එකක් ගැණ කතා කරන්න හිතුවා.
    එක්තරා ෆේස්බුක් පේජ් එකක් විසින් අගෝස්තු 30 වෙනිදා අහපු සරල, අහින්සක ප්‍රශ්න‍යක් සමාජ ජාලාව හරහා තවම ංසරනය වෙනවා එයට බොහෝ දෙන ාප්‍රතිචාර දක්වන නිසා.ඉන් අසා තිබුනෙ ' What was the first car you owned?' - ඇත්ත, ඉතා අහිංසක, සරල ප්‍රශ්නයක්.
    විශ්වාස කරන්න, මේ පෝස්ට් එකට විතරක් මේ වෙනකොට කමෙන්ට්ස් විදියට ප්‍රතිචාර මිලියන 1.3ක් ලැබිලා තියෙනවා. මේ මාස තුන, හතරට මෙය 12000වතාවක් ශෙයා වෙලා තියෙනවා, එතකොට ඒ හැම ශෙයාර් එකටම තව මේ වගේ වෙන වෙන කමෙන්ට්ස් වැටෙනවා.මෙහි කමෙන්ට් කරපු අය කෙතරම් උනන්දුවෙන් මේ ප්‍රශ්නෙට පිලිතුරු දුන්නාද කියනවා නම්,  පිලිතුරට අමතරව  තමන්ගේ මුල් වාහනේ පින්තූරත්, ඒ කාලෙ තමන් ගැන විස්තරත් ලියලා තිබ්බා. 
    මේ පෝස්ට්  public කියන privacy setting එක හරහා දාලා තියෙන නිසා අන්තර්ජාලෙ ඉන්න ඕනම කෙනෙකුට මේ කමෙන්ට්ස් කියවන්න පුලුවන්. 
     
    දැන් මේ වගේ සිද්දි දිනපතා සමාජ ජාලා වල දකින ඔබට ගැටලුවක් එනවා ඇති, මොකක්ද මෙහි ඇති ගැටලුව කියලා.  එයට පිලිතුරක් දෙන්න කලින් අපි බලමු ඇයි අපි මේ වගේ දේවල් වලට ප්‍රතිචාර දෙන්න නැබුරු වෙන්නෙ කියලා. 
     
    මිනිසා කියන්න සමාජශීලි සත්ත්වයෙක්නෙ. අපි හැමෝම ආසයි අපේ හිතවත් අය එක්ක අපි ගැන, පවුල් ගැන විස්තර බෙදා ගන්න. විශේෂයෙන්ම අපේ අතීතය ගැන සුන්දර මතකයක් ආපු සැනින් ඒ අතීතකාමය තුල නිමග්න වෙන්නෙ බොහොම සතුටෙන්. 
    සමාජ ජාලා විසින් මේ ආම්න්ත්‍රනය කරන්නෙ අප තුල නිසඟයෙන් තියෙන මේ ආශාවට. මිනිසුන් එකිනෙකා මේ විදියට ජාල ගත වෙද්දි, සමාජ ජාලාවලට පුලුවන් ඔවුන්ට අදාල වෙලඳ දැන්වීම් තිරය මතට ගෙනැල්ල ආදායමක් ලබන්න. එය රහසක් නොවේ. සමාජජාලා භාවිතා කරන්නන් හොඳටම දන්නවා තමන්ට නොමිලේ මේ සේවාව ලැබුනා වගේ පෙනුනට, තිරය පිටුපස අපේ පුද්ගලික දත්ත ල්බා දීම් නිසා අපට මිල කල නොහැ

    • 4 min

Top Podcasts In Technology

No Priors: Artificial Intelligence | Technology | Startups
Conviction | Pod People
All-In with Chamath, Jason, Sacks & Friedberg
All-In Podcast, LLC
Lex Fridman Podcast
Lex Fridman
Acquired
Ben Gilbert and David Rosenthal
Hard Fork
The New York Times
This Week in XR Podcast
Charlie Fink Productions