#54 - නිකිණි වර්ෂා - An Author Discussion
Listen now
Description
An Author Discussion - නිකිණි වර්ෂා සමග කල සංවාදය ------------------------------------------------------------------------ මේ Episode එකෙන් මම එකතු කරගන්නේ නිකිණි වර්ෂා. නිකිණි වර්ෂා ලේඛිකාවක්. මේ Podcast එකෙන් ලේඛකයෙක්, ලේඛිකාවක් හෝ පොතක් ගැන කතාකරන්න මට ඕනේ වුනේ ගොඩකාලෙක ඉදන්. ඉතින් Episode පනස්ගානකින් පස්සේ මට මේ වැඩේට අතගහන්න පුළුවන් වෙනවා. නිකිණි වර්ෂා මේ වෙනකොට "නිළියකට පෙම් බැද ", "නිළියකට පෙම් බැද 2" සහ "සංසාර පැතුම්" කියන පොත් තුන  ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒවගේම online මාධ්‍ය ඔස්සේත් පොත් කියවන කට්ටියට නිකිණි වර්ෂා "කතුවරයා" කියන app එක ඔස්සේත්, "Watpad" online මාධ්‍ය ඔස්සේත් පොත් ලියමින් ඉන්න කාර්යබහුල ලේඛිකාවක්. නිකිණි වර්ෂාගේ Facebook පිටුව ඇතුළු ඇයට සම්බන්ද වෙබ් ලින්ක්ස් මම පල්ලෙහා දාන්නම්.  නිකිණි වර්ෂාත් එක්ක කරන මේ Episode එක නිකිණි වර්ෂාගේ රසිකයන්ට වගේම පොතක් ලියන්න ආසාවෙන් ඉන්න කට්ටියටත් වැදගත් වෙයි කියල මන් විශ්වාස කරනවා. Self-publishing (පොතක් තමන් විසින්ම ප්‍රකාශයට පත් කිරීම - ප්‍රකාශකයකු හරහා නොගොස්) සහ  ප්‍රකාශකයකු හරහා පොතක් ප්‍රකාශනයට පත් කරගැනීම වගේ කාරනා ඇතුළු කාරනා කිහිපයක් අපි මේ Episode එකේදී සාකච්ඡා කරනවා. එහෙනම් මේ Episode එක අහලා ඔයාලගේ අදහස් උදහස් ප්‍රශ්න අපිට comment එකක් විදියට එවන්නත් අමතක කරන්න එපා.   --------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect --------------------------------------------------- නිකිණි වර්ෂට සම්බන්ද ලින්ක්ස් Facebook Page  https://www.facebook.com/nikiniwb නිකිණි වර්ෂගේ පොත් Grantha.lk ඔස්සේ මිලදී ගැනීමට https://grantha.lk/authors/nikini-warsha.html Watpad ඔස්සේ පොත් කියවීමට https://www.wattpad.com/user/NikiniWarsha Youtube Channel https://www.youtube.com/channel/UCG3g4jwbEFjMQAHVzNgrw2g  
More Episodes
ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)
Published 09/08/23
Published 09/08/23
The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා.   www.facebook.com/thelokueffect
Published 11/30/21